Dawasin Dawasata Kolayen Kolayata

දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ

පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතිවිලි හා සබැඳේවිද
මුදු සිතිවිලි ඔබ හද මැදුරේ

දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ

සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ

හිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link